කළුතර බන්ධනාගාර අධිකාරී එස්.කේ. පල්ලේතැන්න මහතා වහාම මාරුකිරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා අදාළ අංශවෙත අද (15දා) උපදෙස් ලබාදී ඇත.
කළුතර බන්ධනාගාර බස්රථ දෙකට වෙඩි තැබීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් කළුතර බන්ධනාගර අධිකාරීවරයාට වහාම ස්ථාන මාරුවක් ලබාදී විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසද අමාත්‍යවරයා විසින් අමාත්‍යාංශ ලේකම් ඩබ්.එම්.පී.ජී. වික්‍රමසිංහ මහතා වෙත නියෝග කර තිබේ
කළුතරදී පසුගිය පෙබරවාරි 27 වැනිදා බන්ධනාගර බස්රථයට වෙඩිතැබීමේ සිදුවීමට අදාළ ත්‍රිපුද්ගල කමිටුව ලබාදුන් වාර්තාව පරීක්ෂාකිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත.