කාන්තාවකගේ දකුණු පියයුරේ ගැටිත්තක් ඉවත් කිරීමට ඇගේ වම් පියයුර ශල්‍ය කර්මයකට භාජනය කර පසුව දකුණු පියයුරද ශල්‍යකර්මයකට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.
වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් මෙම පරීක්ෂණය සිදුකරන අතර ඒ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කළුතර නාගොඩ මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතාට නියෝග කර තිබෙන බවත් අමාත්‍යාංශය කියයි.
අගලවත්ත ජාතික නිවාසවල පදිංචි කේ. ශ්‍රියාණි නමැති දෙදරු මවක් දකුණු පියයුරේ තිබූ ගැටිත්තක් ඉවත් කළ යුතු බව වෛද්‍ය නිර්දේශ මත කළුතර නාගොඩ මහ රෝහලේදී පසුගිය මස 20 වැනි දින මෙම ශල්‍යකර්මය සිදුකර ඇත.