මොරගහකන්ද ජලාශයට සමගාමීව ඉදිකරමින් තිබෙන කළුගග ජලාශයේ ඉදිකිරීම් කරමින් සිටි සියලු සේවකයන්ගේ සේවය කිසිදු පෙර දැනුම්දීමකින් තොරව අද (28දා) සිට නවතා දමා තිබේ.
තමන් සුපුරුදු පරිදි අද සේවයට වාර්තා කරන විට කොන්ත්‍රාත් කරන චීන සමාගමේ නිලධාරීන් කළුගග ජලාශ ඉදිකිරීම නවතා දමන බැවින් සේවයට වාර්තා නොකරන ලෙස තමන්ට දැනුම් දුන් බව එම සේවකයෝ පවසති. මේ
පසුව සේවකයන් 150ක් පමණ දෙනා උදේ චීන ජාතික සමාගමට විරුද්ධව විරෝධතාවක් පවත්වද්දී පොලීසිය පැමිණ එය නවතා දැමූ බවද ඔවුහු පැවසූහ. මෙම වැඩබිමේ සේවකයන් 600ක් පමණ සේවය කළ බවත් පසුගිය දින කීපයේ කඩින් කඩ සේවකයන් ඉවත් කළ බවද අවසානයේ සියලු සේවකයන් ඉවත් කොට වැඩ කළ වාහන සියල්ල එක් ස්ථානයකට ගාල් කර ඇති බවද ඔවුහු පැවසූහ.
තමන්ගෙන් අයකරගත් අර්ථසාධක මුදල් ගෙවීම වලින් ඉවත්වී වෙනම චීන ජාතිකයන් ගෙන්වා ඉතිරි වැඩ කිරීමේ සැලසුමක් පවතින බවද මෙහි සේවයේ නියතු වූවෝ පවසා සිටිති.
මේ පිළිබඳව අදාළ චීන සමාගමේ නියෝජිතයන්ගෙන් කළ විමසීමකදී පවසා සිටියේ තම සමාගමට ඉදිරි සේවා පවත්වාගෙන යන්නට මුදල් නොමැති නිසා ඉදිකිරීම් තාවකාලිකව නවතා දැමූ බවයි.
පසුව මේ පිළිබඳව මොරගහකන්ද හා කළුගග ජලාශ ව්‍යාපෘති කළමනාකරු ඉංජිනේරු ආර්.බී.තෙන්නකෝන් මහතාගෙන් විමසීමේදී කීවේ එසේ සේවකයන් ඉවත් කිරීමක් සිදුකර නැති බවත් කොන්ත්‍රාත් සමාගමේ කළමනාකරණයේ වෙනසක් සිදු කර ඇති බවත්ය.