ගංවතුර ගැටලුවට විසඳුම් ලෙස කළුගඟ ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කරන බව සබරගමුව ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය සඳහන් කළේය.
කළු ගඟේ වර්ෂාව හේතුවෙන් ජල මට්ටම් වැඩිවන නිසා රත්නපුර, කිරිඇල්ල, කළුතර ප්‍රදේශවලට වාර්ෂිකව ගංවතුර තත්ත්වයක් ඇතිවන බවත්, එම ගංවතුර තත්ත්වය හේතුවෙන් වසර පුරා වටිනා ජීවිත හා දේපොළ රැසක් ජාතියට අහිමි වන බවත් ඒ මහත්මිය පැවසුවාය.
ඊට පිළියම් ලෙස 1970 දශකයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය සමයේ යෝජනා කර ඇති කළු ගඟ ව්‍යාපාතිය කඩිනමින් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවද ආණ්ඩුකාරවරිය ප්‍රකාශ කළාය.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් ජලය නොමැතිව වසර පුරා පීඩාවට පත්ව සිටින ඇඹිලිපිටිය, හම්බන්තොට ඇතුළු සබරගමුව සහ දකුණු පළාතට විශාල සේවාවක්ද ඉටුවන බව නිලූකා ඒකනායක මහත්මිය මෙහිදී පැවසුවාය.