කලුතර බන්ධනාගාර සිදුවීමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා ඊළඟ නිලයන්ට උසස් කිරීමටත් වන්දි ගෙවීමටත් තීරණය කළ බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.
මේ අනුව මෙම සිදුවීමෙන් මියගිය දෙවැනි පෙළ ජේලර් ඒස්.ආර්. විජේරත්න මහතා පළමු පෙළ ජේලර් නිලයටත්‚ බන්ධනාගාර නියාමක එස්.සන්නිගම් මහතා සැරයන් නිලයටත් උසස් කරන බව ඒ මහතා පැවසීය.
මේ සඳහා බන්ධනාගාර අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා කැබිනට් මණ්ඩලයට හදිසි යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඒ මහතා පැවසීය.
ඒ අනුව ඔවුන්ගේ වයස අවුරුදු 60 පිරෙන තෙක් වැටුප් හා දීමනා ඥාතීන්ට ලබාදීමටත් රුපියල් ලක්ෂ විස්සක වන්දිමුදලක් ලබාදීමටත් අවශ්‍ය පියවර ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.