දෙමළ ජාතික සන්ධානය සමග හෙට (05දා) දින පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේදී ප්රධාන වශයෙන් කල්මුණේ ප්රදේශය සම්බන්ධව අවධානය යොමුකරන බව ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය සඳහන් කළේය.
එම පක්ෂයේ මහලේකම් හසන් අලි මහතා ප්රකාශ කළේ, මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත්වන කල්මුණේ ප්රදේශයේ වෙනම පරිපාලන දිස්ත්රික්කයක් බවට පත්කර ගැනීමට අදාළව පක්ෂ දෙකේ නායකයන්ගේ අදහස් හුවමාරු කරගැනීමට බලාපොරොත්තු වන බවයි. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධව මෙහිදී අවධානය යොමුනොකරන බවද මහලේකම්වරයා කියා සිටියේය.
ජනාධිපතිවරණයේදී ගන්නා වූ තීරණ සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර ඉදිරියේදී සාකච්ඡා පැවැත්වෙන බවත්, මේ මොහොතේදී විශේෂයෙන් වැදගත්වී ඇත්තේ කල්මුණේ ප්රදේශය වෙනම පරිපාලන දිස්ත්රික්කයක් බවට පත්කර ගැනීම බවත් හසන් අලී මහතා වැඩිදුරටත් පවසා සිටියේය.