කල්පිටිය ආශ්රිත දූපත් 13 ක සංවර්ධන කටයුතුවලට අදාළ සැලැස්ම කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දෙයි.
මෙහිදී ජනාධිපතිවරයා, පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා සහ අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතා වෙත වැඩිදුරටත් උපදෙස් දුන්නේ අදාළ ප්‍රදේශවල ජනතාවගේ සංවර්ධන ගැටලු පිළිබඳ නිසි අවධානය යොමු කරමින් ප්රමුඛතාවයන් හඳුනාගනිමින් එම සැලැස්ම ඉදිරිපත් කරන ලෙසයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ, අද (13දා) පෙරවරුවේ පුත්තලම මදුරන්කුලිය මර්සි අධ්‍යාපන කේන්ද්‍රයේ පැවති ග්රාමශක්ති වයඹ පළාත් මෙහෙයුම් කමිටුවට එක්වෙමිනි.
ප්‍රදේශයේ ගොවි ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීම හේතුවෙන් ගොවීන් මුහුණදී සිටින ගැටලුකාරී තත්ත්වය පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර, ගොවි ජනතාවට බාධාවකින් තොරව සිය වගා කටයුතු කරගෙන යාමට හැකිවන අන්දමින් ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
එමෙන්ම ප්‍රදේශයේ පලතුරු ගොවින් මුහුණදී ඇති ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි. පලතුරු මිල පහළ යන අවස්ථාවලදී එම ගොවින්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීම වෙනුවෙන් කාගිල්ස් ආයතනය සහ වෙනත් පුද්ගලික සමාගම් සමග සාකච්ඡා කර එම නිෂ්පාදන මිලදී ගැනීමට සුදුසු වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීම පිළිබඳවද අවධානය යොමු විය.
එමෙන්ම පලතුරු විජලනය කර කල් තබාගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ඉදිරිපත්වූ ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා ශීතාගාර පහසුකම් සඳහා දැනට තිබෙන බදු සඳහා සහන ලබාදීමට මුදල් අමාත්‍යාංශය සහ රේගුව සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමටද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.