ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර මේ වන විට එම ප්‍රදේශයට දැඩි වර්ෂාවක් පතිත වෙමින් පවතියි. නිදහස් පක්ෂ මැයි දින රැළිය සංවිධානය කළ කමිටුවේ සභාපති අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කෙටි නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවමත් රැළියට එක්ව නොමැති බැවින් රැළියෙන් ඉවත්ව නොයන ලෙසයි.
වර්ෂාව හේතුවෙන් ජනතාව කෙමෙන් කෙමෙන් රැළියෙන් ඉවත්වෙන බව වාර්තාකරුවෝ පවසති. "කරුණාකරලා යන්න එපා." යැයි එස්.බී. දිසානායක මහතා පැවැසීය.