ආගමකට අපහාස වන ආකාරයෙන් 2018 වසරේ කැලැන්ඩර් මුද්‍රණය කොට බෙදා හැරි බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන වසරේ ජනවාරි 3 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේය.
මෙසේ බන්ධනාගාර ගතකරන ලද්දේ කාත්තන්කුඩි පදිංචි දඹුල්ලේ කරවල වෙළඳ සැලක සේවකයකු වූ නෙයිනා මොහොමදු අස්තාර් නැමැති අයෙකි.
සීවලී මහරහතන්වහන්සේගේ රුව සහිත මුද්‍රණය කරන ලද කැලැන්ඩරයේ පහත කොටසේ කරවල රූප ඇතුළත් කොට පාරිභෝගිකයන්ට බෙදා හැර තිබුණි.
දඹුල්ල පොලිසිය අධිකරණයට දැනුම් දී සිටියේ මෙසේ ආගමකට අපහාස වන ආකාරයෙන් මුද්‍රණය කළ කඩවත ප්‍රදේශයේ මුද්‍රණ ආයතනයේ හිමිකරු හා කරවල තොග වෙළෙඳ සැලේ හිමිකරුද අත්අඩංගුවට ගැනීමට නියමිත බවය.
දඹුල්ල ප්‍රදේශයේ පදිංචි අයකු විසින් පොලිසියට කරන ලද දැනුම් දීමක් මත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පවත්වාගෙන ගිය කරවල තොග සහ සිල්ලර වෙළෙඳ පොළක් වටලා එම ස්ථානයේ බෙදා හරිමින් සිටි සීවලී රුව සහිත මෙම අපහාස වන ආකාරයේ කැලැන්ඩර් තොගයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.