ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තම උපරිම ශක්තිය යොදා කැපවී කටයුතු කරන බව කම්කරු ජාතික පෙරමුණ පවසා ඇති බව වාර්තා වෙයි.
කම්කරු ජාතික පෙරමුණේ නායක පී. දිගම්බරන් මහතා ඇතුළු එහි නියෝජිත පිරිසක් අද (25දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේදී මෙසේ පවසා තිබේ.
වතු ජනතාව නගා සිටුවීම සඳහා ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගෙනයන වැඩපිළිවෙළ අගය කර ඇති මෙම පිරිස, වතු ජනතාව දැනට මුහුණදී සිටින ගැටලු කිහිපයක් පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, මධ්‍යම පලාත් සභා මන්ත්‍රීවරුන් වන එස්. සිදරන්, සරත්වතී සිවගුරු, සිං කොන් පොන්නයියා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව ඇත.