ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර තිබේ. නිලවරණ නිසිපරිදි නොපැවැත්වීම ඇතුළු තවත් හේතු කිහිපයක් නිසා අක්‍රමවත්ව පැවති ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවා ඇත.
ඒ සඳහා අති විශේෂ ගැසට් නිවේදනය පෙරේදා (06දා) 2017.12.06 දින නිකුත් කෙරී ඇත.
1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 (අ) සහ 33 වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්යවරටයාට පැවරී ඇති බලතල අනුව මෙය සිදුවී ඇත. ලියපාදිංචි අත්හිටුවීමෙන් පසු ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යාමේ තාවකාලික කාර්යක්රමයක් වශයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා 2017.12.04 දින සිට නිසි බළදාරියා වශයෙන් පත්කර ඇත.
ඒ අනුව ඉදිරි සති දෙකක කාලය තුළ ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ 2017 වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත්කිරීම සඳහා නාමයෝජන කැඳවා ඇති නිලවරණය පවත්වා අවසන් කිරීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් නියම කර ඇත.