කෑගල්ල ප්රදේශයේ පුද්ගලයෙකුට පසුගිය 19වන දින සිට ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මරණ තර්ජන එල්ල කරමින් ලක්ෂ 30ක කප්පම් ඉල්ලූ පුද්ගලයෙකු ඊයේ (24දා) අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව කෑගල්ල පොලීසිය පවසයි.
ඒ අනුව මේ පිළිබඳව පසුගිය 23වන දින පොලීසියට පැමිණිල්ලක් ලැබුණු බව පොලීසිය පවසයි.
ඊයේ (24දා) අදාළ කප්පම් මුදල හෙට්ටිමුල්ල ප්රදේශයට රැගෙන එන ලෙස කප්පම් කරුවන්ගෙන් ලැබුණු දුරකථන ඇමතුමත් සමග පොලිස් පරීක්ෂක කණ්ඩායම සිය විමර්ශන කටයුතු ආරම්භ කළ බව කෑගල්ල පොලීසිය පවසයි.
මේ අනුව ක්රියාත්මකවූ පොලිස් නිලධාරීන් කප්පම්කරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඇතිවූ පොර බැදීමත් සමග පොලිස් පරීක්ෂකයෙකුගේ ගිනිඅවිය ක්රියාත්මක වීමෙන් අදාළ පොලිස් නිලධාරියා තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුද සිදුවීමෙන් තුවාල ලබා පොලිස් රෝහලට ඇතුළත් කර ඇති අතර, කප්පම් ලබාගැනීමට පැමිණි තවත් සැකකරුවෙකු පලාගොස් ඇතැයි කෑගල්ල පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
එම සැකකරු සොයා පොලිස් පරීක්ෂණ දියත් කර ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කෑගල්ල පොලීසිය විසින් සිදුකරනු ලබයි.