කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා වෙඩි පුහුණු පිටියේ පුහුණුව ලබමින් සිටි ගුවන් හමුදා නිලධාරී 03 දෙනෙකු (බලඝන නායක 02 සහ පියාසර නිලධාරී 01) හමුදා කඳවුරේ සිදු වූ පිපිරීමකින් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස තුවාල ලබා ඇත්තේ එච්.බී.කේ. රොෂාන්, ටී.ජේ.කේ. පොල්ගම්පල සහ එස්.බී. වීරසිංහ යන නිලධාරීන්ය. ගුවන් හමුදාව සහ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කල්පිටිය කුමාරි කොට්ටහච්චි