වරාය මාර්ගය අවහිර කරමින් සිටි පුද්ගලයින්ට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය කටයුතු කොට තිබේ.
කන්ටේනර් රථ රියදුරන් විසින් කන්ටේනර් 80 ක් පමණ ප්රමාණයක් වරායට ඇතුළුවන ඉඟුරු කඩේ හංදිය අවහිර කරගෙන ඊයේ (16දා) දහවල් සිට උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.
එම සිටි පුද්ගලයින්ට එරෙහිව ග්රෑන්ඩ්පාස් පොලිසිය මගින් අයුතු අවහිරය, අයුතු ජනරාශිය, හා මහජන පිඩාව සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් පසුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය මගින් එම කන්ටේනර් රථ රියදුරන්ගේ සංගමයේ කැඳවුම්කරු, සභාපති ඇතුළු නිලධාරින්ට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත’