කොළඹ වරායේ සිට භාණ්ඩ ප්‍රවාහනය කරන කන්ටේනර් රථ රියදුරන්ට හා සේවකයන්ට ඇතිවී තිබෙන ගැටලුවක් මුල්කර ගෙන හෙට (05දා) සිට සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.
අපනයන කන්ටේනර් පරීක්ෂා කිරීම හා බර කිරුම් කටයුතු සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට ලබාදීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් බී.අයි. අබ්දින් මහතා සඳහන් කළේය.
මෙම වර්ජනය හරහා උත්සව සමය නිමිති කරගෙන රට තුළට එන විශාල කන්ටේනර් ප්‍රමාණය රට තුළ ප්‍රවාහනය කිරීම නැවතී යන බවත්, එහි වගකීම වරාය අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය බාරගත යුතු බවත් හෙතෙම පවසා සිටියේය.