රත්මලාන ප්‍ර දේශයේදී සීනි පටවන ලද කන්ටේනරයේ තිබී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 218.6ක් බව පොලීසිය පවසයි. එසේම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (20දා) ඔවුහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.
රත්මලාන ප්‍ර දේශයේ තිබී සීනි පැටවූ කන්ටේනරයක් තුළ තිබී කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලීසිය කියයි. ගල්කිස්ස හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වයි.එහි කොකෙන් කිලො 160ක් පමණ තිබෙන බවද වාර්තා වෙයි.