යාපනය, කන්කසන්තුරේ ප්‍රදේශයේ 70% ක පමණ වැඩ අවසන්ව පවතින උතුරු පළාත් ජාත්‍යන්තර සබඳතා මධ්‍යස්ථාන ගොඩනැගිලි සංකීර්ණයේ අත්‍යවශ්‍ය ඉතිරි වැඩ කොටස් පමණක් ඉංජිනේරු සැලසුම් අනුව අවසන් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
එම ගොඩනැගිලි සංකීර්ණය රාජ්‍ය, අර්ධ රාජ්‍ය හෝ වෙනත් සුදුසු ආයතනයකට පවරා මහජන ප්‍රයෝජනයට යොදාගැනීමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.