කන්කසන්තුරේ සහ ආරුගම්බේ ප්‍ර‘දේශවල ඉදිවෙමින් පැවැති ගොඩනැගිලි ජනාධිපති මන්දිර නොව ජාත්‍යන්තර සම්මන්ත්රණ මධ්‍යස්ථාන බවත්, මේවා සඳහා පසුගිය ආණ්ඩුවේ කැබිනට් අනුමැතිය පවා ලැබී තිබූ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්රණ සඳහාත්, උතුරු නැගෙනහිර ප්‍ර‘දේශවලට පැමිණෙන විදෙස් රාජ්‍ය නායකයන් හා දෙස් විදෙස් අමුත්තන්ගේ ප්‍ර‘යෝජනය සඳහාත් මෙම මධ්‍යස්ථාන යොදාගැනීමට සැලසුම්කර තිබූ බව පවසන හිටපු ජනාධිපතිවරයා මෙවැනි ආයතන ඉදිකිරීම ජනාධිපති මන්දිර සඳහා නාස්තිකාර වියදම් යෙදවීමක් ලෙසට හුවාදක්වමින් සමහරු අසත්‍ය ප්‍රචාර ගෙනයන බවද සඳහන් කරයි.
විශේෂ මාධ්‍ය නිවේදනයක් මගින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනුයේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පැවැති සෙස සම්මන්ත්රණ ශාලාවලින් මෙකී මධ්‍යස්ථාන වෙනස්වනුයේ නවාතැන් පහසුකම් සැපයීම නිසා බවයි.
ලංකාවේ වැඩිම ඉල්ලුමක් තිබෙන සම්මන්ත්රණ මධ්‍යස්ථාන වන බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව, ශ්‍රී ලංකා පදනම් ආයතනය, නෙළුම් පොකුණ වැනි ආයතන සියල්ල පැවතියේද ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ බවත්, කන්කසන්තුරේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලද එවැනි එකක් බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
එහි ඉදිකිරීම් කටයුතු භාරව සිටින්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව බවද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියි. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනුයේ මෙවැනි ආයතන ඉදිකිරීම නාස්තිකාර වියදම් ලෙසට පසුගිය කාලය පුරා ගෙනගිය අවලාද ව්‍යාපාරයේ එක් කොටසක් ලෙස කන්කසන්තුරේ ගොඩනැගිල්ල ගැනද සඳහන් කළ හැකි බවයි.