කතානායක නිසි පරිදි සභාව මෙහෙයවූයේ නෑ - අනුර
කථානායක කරු ජයසූරිය මහතා නිසි පරිදි පාර්ලිමේන්තුව මෙහෙයවීම් නොකළ බැවින් පාර්ලිමේන්තුව තුළ සිදුනොවිය යුතු බොහෝ දේ සිදු වූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ සිදු වූ ගුටිබැට හුවමාරුව පිළිබඳ අදහස් දක්වමින් අනුර කුමාර මහතා ඊයේ (10දා) මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා,
"පළමු කොටම න්‍යාය පත්‍රයේ තිබෙන්නේ මෙම වාර්තා සභාගත කිරීමයි. ඒ පිළිබඳ අවසන් නිගමනයකට ආ යුතුව තිබුණා. එය සිදුකළා නම් අගමැතිතුමාගේ කතාවට යන්න තිබුණා. පළමු කරුණ නිරාකරණය කර ගන්න ඔබතුමා උත්සාහ කළේ නැහැ. ඒ නිසා සිදුනොවිය යුතු බොහෝ දේ මේ පාර්ලිමේන්තුවේ සිදු වුණා.
මන්ත්‍රීවරුන් අතර ගහගැනීම් සිදු වුණා. ලේ හැලීම් සිදු වුණා. ඔබතුමා නිසි පරිදි සභාව මෙහෙයවීම සිදු නොකළ නිසා මේ තත්ත්වය නිර්මාණය වුණා. අගමැතිතුමාගේ කතාව අතරතුරු රීති ප්රශ්නය මතුකළා. නමුත් අවස්ථාව දුන්නේ නැහැ. පළමු කටයුත්ත සිදුකළේ නැහැ. එය එසේ තිබියදීම අගමැතිවරයාගේ කතාවට ඉඩ දුන්න නිසා මෙය සිදුවුණේ. ඒ නිසා තමයි අපි පක්ෂ නායක රැස්වීමට සහභාගි නොවුණේ."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


