කණ්ඩායමට එන්න ඕන නම් දේශීය පිටියට එන්න - තේරිම් කමිටුව මාලිංගට දන්වයි
ශ්‍රී ලංකාවේ සීමිත පන්දුවාර ජාතික කණ්ඩායම නියෝජනය කිරිමට අවශ්‍යනම් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට දේශීය පිටියට පැමිණ තරග කරන ලෙස ක්‍රිකට් තේරිම් කමිටුව පවසා ඇති බව වාර්තා වෙයි.
මාලිංග මේ වන විට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයෙක් ලෙ කටයුතු කරයි. මාලිංගද පවසා ඇත්තේ තමන්ට ශ්‍රී ලංකාවේ සීමිත පන්දුවාර තරගාවලියට ක්‍රීඩා කිරිමට අවශ්‍ය බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් එක්දින තරගාවලිය අද (02දා) ආරම්භ වීමට නියමිතය.
මෙවර අයි.පී.එල්. වෙන්දේසියේදී ලසිත්ව මිලදී ගැනීමට කිසිඳු කණ්ඩායමක් ඉදිරිපත් නොවුණි.
මේ පිළිබඳව අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලිද සිල්වා මහතා පවසා ඇත්තේ “ අපි ලසිත්ට දන්වා තිබෙනවා ඔහු තෝරා ගන්නවා කියලා. නමුත් ඔහු අන්තර්පළාත් තරගාවලිය ක්‍රීඩා කරන්නේ නැත්නම් තේරීම් කමිටුවට ඔහු ගැන සළකා බලන්න බෑ.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


