කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ බෝට්ටු නිෂ්පාදන කම්හලක අද (13දා) පස්වරුවේ හදිසි ගින්නක් හට ගෙන ඇතැයි කටුනායක පොලීසිය පවසයි.
මෙම ගින්නට හේතුව තවම අනාවරණය කර ගෙන නොමැත. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ගිනි නිවීම් ඒකකය මැදිහත් වී ගින්න නිවා දමා තිබෙන අතර එයින් සිදුව ඇති අලාභය මෙතෙක් ගණන් බලා නොමැත.
කටුනායක පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
