කටුනායක වරින් වර දිගු පෝළිම්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සේවා සපයන ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , සිය ඉල්ලීම් 03ක් දිනා ගැනීමේ අරමුණින් ඊයේ (17දා) මධ්‍යම රාත්‍රීයේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
ආගමන - විගමන සේවාව සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම , විදේශ දූත මණ්ඩල සඳහා ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පත්කිරීම සහ දෙපාර්තමේන්තු නඩු පැවරීමේ අංශය නැවත ක්‍රියාත්මක කිරීම යන කරුණු 03 මුල් කර ගනිමින් පැවැති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ඔවුන් අවතීර්ණ වී තිබේ.
මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අමතරව , සියලුම වරායවල සහ අනෙකුත් අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙම ක්‍රියා මාර්ගය නිසා කටුනායක ගුවන් තොටුපොළ තුළ වරින් වර දිගු පෝළිම් ඇති වුවද , එය ගුවන් තොටුපොළ දෛනික රාජකාරි කටයුතුවලට බාධාවක් නොවන බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
මේ අතර විෂය භාර අමාත්‍ය එස්.බී.නාවින්න මහතා අද (18දා) උදෑසන 9.00ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , ආගමන - විගමන නිලධාරීන් හමු වී සාකච්ඡා කර තිබෙන අතර , රජය සමග සාකච්ඡා කර පසුව මේ සඳහා විසඳුමක් ලබාදෙන බවට ප්‍රකාශ කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




