කටුනායක ගුවන් තොටුපොලේ තීරුබදු රහිත බඩු ගබඩා සංකීර්ණයක ගින්නක් හටගෙන ඇති බවත් අලුයම 4.00ට පමණ මෙම ගින්න ඇතිවූ බවත් පොලීසිය පවසයි.
පොලීසිය, කටුනායක ගුවන්තොටුපොළ ගිනි නිවීමේ ඒකකය හා ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකයේද සහාය ලබාගෙන ගින්න මැඬපවත්වා ඇත.
ගොඩනැගිල්ලේ විදුලි උපකරණ ගබඩා කර තිබූ ගබඩාවක ගින්න හටගෙන ඇත. ගින්න හේතුවෙන් අධික දුමක් ඇතිවී තිබෙන බවත් ගොඩනැගිල්ල අසළ පවතින එය ගුවන් ගමන් සඳහා බාධාවක් නොවන බවත් පොලීසිය පවසයි.
ගින්නෙන් ජීවිතහානී කිසිවක් ඇතිව නොමැත. සිද්ධිය පිළිබඳව විමර්ශන පවත්වයි.