එළැඹෙන වසරේ ජනවාරි මහ 6 සිට අප්‍රේල් මස 6 දක්වා මාස තුනක කාලයක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ ප්‍රධාන ගුවන් ගමන් ධාවන පථයේ සිදුකරන අලුත්වැඩියාවක් හේතුවෙන් ගුවන් ගමන් 200ක් පමණ අවලංගු කිරිමට සිදුවෙන බව සමාගම නිවේදනය කරයි. අලුත් වැඩියා කරන කාලසීමාව ඇතුළතදී දිනපත් පෙ.ව. 8.30 සිට සවස 4.30 දක්වා ධාවන පථය වසා තැබීමට නියමතය. අලුත්වැඩියාව හේතුවෙන් ගුවන් තොටුපොළට ඇමෙරිකානු ඩොලර් මිලියන 47ක අලාභයක් සිදුවෙනු ඇති බවට ගණන් බලා තිබේ.