පාකිස්තානයේ සිට මෙරටට පැමිණි පාකිස්තාන ජාතිකයෙකු සන්තකයේ තිබී රුපියල් කෝටියක් පමණ වටිනා හෙරොයින් තොගයක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (14දා) දිවයිනට පැමිණි ගුවන් යානයකින් සැකකරු ශ්රී ලංකාවට පැමිණ තිබේ. ඔහු පැළඳ සිට සපත්තු දෙකේ සූක්ෂම අයුරින් සඟවා තිබූ හෙරොයින් කිලෝග්රෑමයක් පමණ රේගුව විසින් සෙයාගෙන තිබේ.