අපනයනය සඳහා කකුළුවන් වගා කිරීමේ ව්‍යාපෘතිය අද (14දා) දින හම්බන්තොට, රැකව ප්‍රදේශයේදී ආරම්භ කෙරේ.
අපනයනය සඳහා කකුළුවන් වගා කිරීමේ කිසිදු ව්‍යාපෘතියක් රටතුළ මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති අතර, මේ අනුව අද ආරම්භවන ව්‍යාපෘතිය කකුළුවන් අපනයනය කිරීමට ආරම්භ කරන පළමු ව්‍යාපෘතියද වේ.
'කකුළුවන් වගා කිරීමේ නගරය' ලෙස නම් කර තිබෙන මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ කටයුතු සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කර තිබේ.
මෙම ව්‍යාපෘතිය හරහා කකුළුවන් අපනයනය කිරීම සේම රැකියා අවස්ථා විශාල ගණනක් බිහිවීමට නියමිතය.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් නගරය ඉදිකිරීමේ කටයුතු සිදු කරයි.