තමන්ට පක්ෂ පාට වැදගත් නොමැති බවත්, තිබෙන පාට රැගෙන ජනතාවට සේවය කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
කළුතර මහ රෝහලේ ඉදිකළ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කරමින් ඊයේ (10දා) අමාත්‍යවරයා මේ බව පැවැසීය.
“මම සමනළ කන්ද නගින්න හැටන් පාරෙන් උත්සාහ කළා. නමුත් දැන් ඉඳිකටුපානෙන් කන්ද නගිනවා. පරමාර්ථ වෙනස් කරන්නේ නෑ. සෑම අවස්ථාවකදීම ඕනෑම වංගුවක් ගහලා යන්න ඕන තැනට යනවා. පක්ෂ පාට මට වැදගත් නෑ. අවශ්‍ය පාට නැතිවෙලා ගිහිල්ලා. තිබෙන පාට අරගෙන ඉදිරියට යමින් ජනතාවට සේවය කරනවා”