ඕනෑම අවස්ථාවක කැබිනට් සංශෝධනයක් විය හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. අද (09දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එසේම ගීතා කුමාරසිංහ මහත්මියගෙන් හිස් වූ සන්ධාන පාර්ලිමේන්තු අසුන ගාලු දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ මීළගට සිටින පියසේන ගමගේ මහතාට පිරිනමන බවත් ඔහු සඳහන් කළේය.
එසේම කැබිනට් ප්‍රකාශක තනතුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මාධ්‍ය ප්‍රකාශකයෙකු නම් කිරීමට අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්චා වූ බවත් අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.