භාරදෙන ඕනෑම අමාත්‍යාංශයක් සාර්ථකව කර පෙන්වීමට තමාට හැකිබව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම තමාගේ අමාත්‍යාංශද ඕනෑම ඇමතිවරයෙකුට ඉදිරියට ගෙනයා හැකිවන පරිදි වැඩපිළිවෙළ සකසා ඇති අතර එසේ වුවද අමාත්‍යාංශයට වාහන නොමැති බවද අමාත්‍යවරයා පැවසුවේ, අද (18දා) සිරිකොත මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදීය.
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය තුළ තමා කටයුතු කරන්නේ තමාගේම වාහනවලින් වන අතර, අලුතෙන් වාහන මිලදීගැනීමක් සිදුනොකළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.