ජාතික හෙළ උරුමයේ උත්සාහය යහපාලනයක් උදෙසා රට ගමන් කරවීම බවත්, ඒ වෙනුවෙන් ඉදිරිපත් වන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
මන්ත්රීවරයා අද (25දා) උදෑසන අමරපුර මහා නිකායේ මහානායක දවුල්දෙණ ඥාණේස්වර මහ නාහිමියන් හමුවූ අවස්ථවේදී මෙම අදහස් ප්රකාශකර සිටියේය.
මෙහිදී ජාතික හෙළ උරුමය විසින් රජයට ඉදිරිපත් කර ඇති ප්රතිපත්තිමය යෝජනාවලිය මහ නාහිමියන්ට පිළිගැන්වීමද සිදුවිය. මෙහිදී මහ නාහිමියන් පවසා ඇත්තේ ආණ්ඩුව මෑතකාලීනව ගත් ඇතැම් තීරණ පිළිබඳව නොසතුටට පත්වන බවයි.