එක්සත් ජාතීන්ගේ 70 වැනි සැසිවාරය සඳහා සහභාගීවීමට ඇමෙරිකාවට ගොස් සිටින රාජ්ය නායකයන් වෙනුවෙන් ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා හා ජනපති ආර්යා මිචෙල් ඔබාමා විසින් පවත්වන පිළිගැනීමේ සාදය සඳහා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (29දා) එක්විය. මෙය නිව්යෝක් නුවරදී පැවැත්විණි. ජනපතිවරයා අද එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීමටත් නියමිතය.