මෙම වසරේ සිට සෑම වසරකම ඔක්තෝම්බර් මාසය ජාතික රුක් රෝපණ මාසය ලෙසින් නම් කිරීමට රජය තීරණය කර ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා පැවසීය.
සියලු රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශය දායක කරගෙන ඔක්තෝම්බර් මාසය පුරා ක්‍රියාත්මක කරන රුක්රෝපණ වැඩසටහනේ ජාතික උත්සවය 11 වැනිදා කොත්මලේදී පවත්වන බවද ලේකම්වරයා කීය.
මේ පිළිබඳව දැනුම්වත් කිරීමට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (28දා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.