උද්ධමනය ලක්ෂ්යමය පදනම මත සැප්තැම්බර් මාසයේ වාර්තා කළ - 0.3% සිට ඔක්තෝබර් මාසයේදීද 1.7% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (2006/07=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්යමය පදනම මත මෙසේ ඔක්තෝබර් මාසයේදී 1.7% ක ඉහළ යෑමක් පෙන්වා ඇත.
මේ අතර, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 2015 සැප්තැම්බර් මාසයේ පැවති 0.7% ක අගය, 2015 ඔක්තෝබර් මාසයේදීද 0.7% ක් ලෙස නොවෙනස්ව පවතී.