ඔක්කොම හෙට
විපක්ෂ දේශපාලඥයන් හා සිවිල් සමාජ සංවිධාන දිගින් දිගටම සිදු කරන 'කඹ ඇදිලි' නිසා ශ්‍රී ලංකා දේශපාලනයේ අතිශය තීරණාත්මක තීන්දුවක් විය හැකි පොදු අපේක්ෂකයෙකු තෝරා ගැනීම පිළිබඳව වූ කාර්යයට බාලගිරි දෝෂය හටගෙන මෙන් &හෙට* දිනට දිගින් දිගටම කල් යන ස්වභාවයක් පවතී.
මේ අනුව විපක්ෂයේ පොදු අපේක්ෂකයා නම් කිරීම හා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමය ආණ්ඩුවේ තවදුරටත් රැඳී සිටිනවාද? නැද්ද? යන්න තීරණය කිරීම හෙට (18දා) දිනය තුළ සිදුවනු ඇති බව නවතම ආරංචි මාර්ග මගින් ප්‍රකාශ වී තිබේ. පොදු අපේක්ෂකයා සහ හෙළ උරුමයේ තීරණය සම්බන්ධයෙන් සති කිහිපයක සිට දිනෙන් දිනම කල්යමින් තිබෙන අතර සියලුම දෙනා නොවැම්බර් 19 වැනිදා ජනාධිපතිවරයා කියන්නේ කුමක්ද යන්න දැන ගැනීමට කල්මරන ස්වභාවයක් පෙන්නුම් කරයි.
මේ අතර, රජයේ පාර්ශ්වයෙන් එක්සත් ලංකා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඊයේ(16දා) ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ ඊයේ දිනය සමග ඉදිරි පැය 72ක කාලය තුළ දී %ජනාධිපතිවරණය^ පිළිබඳව ප්‍රකාශයක් නිකුත්වීමට නියමිත බවය. මෙම දිනය සම්බන්ධයෙන්ද විවිධ අදහස් ඉදිරිපත් වූ නිසා ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන්ද දේශපාලඥයින් හා ජ්‍යොතිර්වේදීන් විසින් විවිධ මත ප්‍රකාශ වීම ආරම්භ විය. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට අදාළ රජයේ ප්‍රකාශය එළිදක්වනවා යැයි කියැවෙන මෙම පැය 72ක කාලය තුළ දී හෝ නිල ප්‍රකාශ නිකුත් කරන්නේ නම් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ විසින් ඡන්දදායකයා විහිළුවකට ගෙන නොතිබේ යැයි තීරණය කරන්නට හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

