ඒකාබද්ධ විපක්ෂයෙන් රටපුරා විරෝධතා රැලි මාලාවක්
රජයේ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති හමුවේ දිනෙන් දින භාණ්ඩ මිල ඉහළ යෑමට එරෙහිව විරෝධතා රැලි මාලාවක් රට පුරා ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ඒකාබද්ධ විපක්ෂයේ උපසභාපති ටී. රංජිත් ද සොයිසා මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ අද (15දා) අද පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ උපසභාපතිවරයා,
"ජනතාවගේ එදිනෙදා පරිභෝජනය සඳහා ගන්නා ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ යනවා, පාලනයක් නෑ. අර්තාපල්, අල, ලූනු, ඉන්ධන වර්ග 30%ත්, 35%ත් අතර වැඩිවී තිබෙනවා. ඊළඟට සබන් වර්ග, දත්බෙහෙත් වර්ග කිසිදු පාලනයකින් තොරව දවසින් දවස වෙළෙඳුන් ඉහළ දමනවා. මේ තත්ත්වය තේරුම් ගත් ඒකාබද්ධ විපක්ෂය රට පුරාම විරෝධතා ක්‍රියාත්මක කිරීමට මේ වන විට තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනවා. ඉදිරි දිනයකදී දවස හා වේලාව තීරණය කර දැනුම් දෙනවා" යැයි පැවසීය.
බලංගොඩ රෝහණ වසන්ත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


