ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය ගාල්ලේදී පැවැත්වීමට තීරණය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14දා) රාත්‍රියේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගත් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක් වූ ඩලස් අලහප්පෙරුම මහතා,
“මෙවර මැයි දිනය පැවැත්වීමට තිබෙන්නේ වෙසක් දිනයට දවස් දෙකකට පසුව නිසා මෙම තීරණයට එළඹුනේ.කොළඹට වෙසක් නැඹීමට පැමිණෙන ජනතාව නිසා කොළඹදී මැයි දින රැලිය පැවැත්වීම ගැටලුකාරී විය හැකි බව පක්ෂ නායකයන් පෙන්වා දුන්නා.වෙසක් පෝය තිබෙන අප්‍රේල් 28,29 දිනවලදී තොරණ් ආදිය නිසා මාර්ග ජනාකීර්ණ විය හැකියි. එවැනි කාලයක කොළඹට ජනතාව ගෙන්වා ගත්විට එය මැයි දින රැලියට හානියක් වෙන්න පුළුවන්”යැයි පවසා සිටියේය.