ඒකාබද්ධ විපක්ෂයේ ප්රබල ආධාරකරුවන් ලෙස කටයුතු කළ සහ මෙවර පළාත් පාලන මැතිවරණයට පොදුජන පෙරමුණෙන් තරග කිරීමට නියමිතව සිටි අපේක්ෂකයන් දෙදෙනෙකු ඇතුළු ක්රියාකාරීහු පිරිසක් අද (28දා) ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හමුවී එතුමාගේ වැඩපිළිවෙළට සහාය පළකළහ.
කෝට්ටේ හිටපු නාගරික මන්ත්රීවරයෙකු මෙන්ම මෙවර පොදුජන පෙරමුණෙන් කෝට්ටේ නගර සභාවට තරග කිරීමට නියමිතව සිටි රාජා සූරියකුමාර, පොදුජන පෙරමුණෙන් මිරිහාන ප්රාදේශීය සභාවට තරග කිරීමට නියමිතව සිටි මිරිහාන පොදුජන පෙරමුණේ ප්රධාන ශාඛා සභාපති සචිත්ර අමරසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අතර වූහ.
එමෙන්ම මහරගම එක්සත් ජාතික පක්ෂ හිටපු නාගරික මන්ත්රී ලකී ධර්මසේන, මහරගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්රික් කළමනාකරු පියසේන පෙරේරා, ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති දීපාල් ගුණරත්න යන මහත්වරු ඇතුළු එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දීර්ඝ කාලයක් පුරා කටයුතු කළ පිරිසක්ද ජනාධිපතිවරයා හමුවී ඔහුගේ වැඩපිළිවෙළට සහාය පළ කළහ.