ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පළාත් සභා මනත්‍රීවරයෙක් හා පළාත පාලන මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්ව තිබේ.
වීරකැටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රි ආරියදාස වික්‍රමසිංහ මහතා, මෙවර පොදුජන පෙරමුණෙන් වීරකැටිය ප්‍රාදේශීය සභාවට තරගකිරීමට නියමිතව සිටි අපේක්ෂක සුමිත් රාමනායක, ඒකාබද්ධ විපක්ෂය හා එක්ව කටයුතු කළ ජාතික නිදහස් පෙරමුණේ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රි සුගත් මතුගමගේ මහතා ඇතුළු වීරකැටිය සහ කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඒකාබද්ධ විපක්ෂයේ ආධාරකරුවන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහායපළ කිරීමට එක්වූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණ මෙම පිරිස ජනාධිපතිවරා හමුවී රට ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සිය උපරිම සහය ලබාදෙන බවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් සදහන් කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි.