ඒකාබද්ධ විපක්ෂය ජාතික ප්‍රතිපත්ති ගැන කතා නොකරන බවත්, ඔවුන් මේ දක්වා ජාතික ප්‍රතිපත්ති ඉදිරිපත් කර නැති බවත් ජාතික සංවිධාන එකමුතුවේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා අද (30දා) පැවසීය.
මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රීලංකා නිදහස් පක්ෂය එජාපයට විරුද්ධ ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවත්, මෙම පසුබිම තුළ ඉදිරි පළාත් පාලන මැතිවරණය ආණ්ඩුවට විරුද්ධව ගෙනියන ජාතික විමුක්ති සටනක් කර ගතයුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමරසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම මැතිවරණයෙදී ජාතික මතවාදය ඉදිරියට ගෙනයාමට අඩිතාලමක් දැමිය යුතු බවත්, පක්ෂ පරාජය කිරීමට වඩා ජාතික මතවාදය ජයග්‍රහණය කිරීමට මහා සංඝරත්නය ඇතුළු ජාතික බලවේගය එය අතට ගත යුතු බවත්ය.