උතුරු මැද පළාත් සභාවේ ඇතැම් මන්ත්‍රීවරුන්ට මේ දිනවල ආර්ථික අපහසුතා තිබෙන අතර, මේ හේතුවෙන් ඇතැම් පිරිස් ඔවුන්ට මුදල් හා තනතුරු වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන බවත්, එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඒවා ප්‍රතික්ෂේප කළ බවත් ඒකාබද්ධ විපක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රෙස්න මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ, ඒ මහතාගේ නිවසේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“උතුරු මැද පළාත් සභාවේ ඇතැම් මන්ත්‍රීවරුන්ට මේ දිනවල ආර්ථික අපහසුතා තිබෙන බව අපට දන්වා සිටියා. එම නිසා ඒ අය මුදල්වලට, තනතුරු සහ වරප්‍රසාද ලබාගැනීමට පෙළඹුණා. අපේ අනෙකුත් මන්ත්‍රීවරුන්ට මුදල් ලබාදී තනතුරු වරප්‍රසාද ලබාදීම සඳහා, දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදීත් ආණ්ඩු පක්ෂයේ අය ක්‍රියාකරමින් සිටිනවා. එහෙත් අපේ මන්ත්‍රීවරු මේවා ප්‍රතික්ෂේප කළා. ඒ අයට මා ස්තූතිවන්ත වෙනවා.
උතුරු මැද පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වන එච්.බී. සේමසිංහ, අමාත්‍ය පී.බී. රත්නායක, හිටපු ඇමති එස්.එම්. රංජිත්, ඉවත් කරනු ලැබූ කේ.එච්. නන්දසේන, පළාත් සභාවේ සභාපති ටී.එම්.ආර්. සිරිපාල, උපසභාපති මාරසිංහ, ආණ්ඩු පක්ෂයේ සංවිධායිකා කල්‍යාණි කරලියද්ද ඇතුළු උතුරුමැද මහ ඇමති හැර පළාත් සභාවේ නිලධාරීන් ලෙස කටයුතු කරන සියලුදෙනා අප වටා එක්ව තිබෙනවා" යැයි පැවසීය.
මෙම අවස්ථාව සදහා උතුරු මැද පළාත් සභාවේ අමාත්‍ය එච්.බී.සේමසිංහ, හිටපු අමාත්‍ය එස්.එම්.රංජිත්, කේ.එච්.නන්දසේන උ.මැ.ප ආණ්ඩු පක්ෂයේ සංවිධායිකා කල්‍යාණි කරලියද්ද ඇතුලු මන්ත්‍රිවරුන් පිරිසක් සහභාගී වි සිටියහ.