උතුරුමැද පළාත් සභවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිස හා මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කරන පිරිස අතරේ මේ වනවිට අර්බුදයක් හටගෙන තිබෙන බවත්, ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම උතුරුමැද පළාත් සභාව හරහා මේ ආණ්ඩුව පෙරළීමට ගත් උත්සහාය ව්‍යර්ත වී ඇති බවත් උතුරුමැද පළාත් සභාවේ විපක්ෂ නායක අනිල් රත්නායක මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසූයේ අද (16දා) අනුරාධපුරයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
පසුගිය 15 දා දිවුරුම් ප්‍රකාශයක් භාරදීමට ගිය ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ සුසිල් ගුණරත්න අද ක්‍රීඩා හා යෞවන කටයුතු, ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දීම තුළින් මේ බව පැහැදිලි වන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළකළ හෙතෙම,
“ඒකාබද්ධ විපක්ෂයේ අනුරාධපුර නායකයා වන එස්. එම්. චන්ද්‍රසේන මහතා පසුගිය දා මාධ්‍ය සන්දර්ශනයක් පවත්වා සතියක් තුළ ඒකාබද්ධ කණ්ඩායම මහඇමතිකම අරගෙන පෙන්වනවා කියා දැන් ඊයේ අත්සන් 17ක් සහිත ලේඛනයක් භාර දුන්නා කියා මාධ්‍යයට ප්‍රකාශ කළා. අත්සන් 17ක ලේඛනය ආණ්ඩුකාරවරයාට භාරදීම සඳහා 06 දෙනෙකු පමණයි ගොස් සිටියේ. ඉතුරු 11 දෙනාගේ ප්‍රකාශන සත්‍ය ප්‍රකාශන බව ආණ්ඩුකාරවරයාට විශ්වාස කිරීමට අපහසු වූ නිසා හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන බලතල පිළිබඳව ඒ අයට උපදෙස් දී ආපසු හරවා යවා තිබුනා. ඒ අය පසුව කියා සිටියේ ඉහළ නියෝගයක් ආණ්ඩුකාරවරයාට ආ නිසා දිවුරුම් ප්‍රකාශ ලේඛනය භාරගැනීම ප්‍රතික්ෂේප කළ බවයි. පුද්ගලයෙකු නොමැතිව දිවුරුම් ප්රකාශනයක් භාරගැනීමට හැකියාවක් තිබේද යන්න ඕනෑම කෙනෙක් දන්නා කාරණයක්.
යූ.එන්.පී. මන්ත්‍රීවරයෙක් මෙම ඒකාබද්ධ කණ්ඩායමට එක්වෙන බව ප්‍රකාශ කරමින් සිටිනවා. තම කණ්ඩායමේ පිරිස් රැකගන්න බැරි පිරිසක් වෙනත් පක්ෂයක සාමාජිකයන් එක්කර ගැනීම කිසිසේත් කළ නොහැකි දෙයක්”යනුවෙන් පවසා සිටියේය.
