ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (01දා) කොළඹ ගෝල්ෆේස් පිටියේ සංවිධානය කර තිබූ මැයි දින රැළියට එක්වූ ආධාරකරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අධික උෂ්ණත්වය හේතුවෙන් මෙම මරුණ සිදුව තිබේ.
ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබේ. වික්ටර් සිල්වා (80) නුවර හා ඩබ්. ඉන්ද්රානි (60) නිවිතිගල යන අය මෙසේ ජිවිතක්ෂයට පත්ව තිබේ. මේ අතර එහි අධික තෙරපීමට ලක්වූ තවත් හය දෙනෙකු රෝහල් ගත කර තිබේ.