ඒකාබද්ධ රැළියට නි ඇ හර්ෂගෙන් ගිලන් රථ
ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලියට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා විසින් ඉන්දියානු ගිලන් රථ තුනක් ලබාදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට කතාකර නියෝජ්‍ය ඇමතිවරයා එම ගිලන් රථ ලබාදී තිබුණු බවද අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපක්ෂය විසින් බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රෙය් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ගාලුමුවදොර පිටිය ජනතාවගෙන් පුරවන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අභියෝගය බාර ගන්නා විට එවැනි දෙයක් කළහැකිදැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට චකිතයක් ඇතිවුණු බවයි.
එහෙත් ඉතිහාසයේ දැවැන්තම ජනතා එකතුව එම රැලියට පැමිණි බවද හෙතෙම පවසා සිටියේය. සිරිකොත පිහිටි අලියාගේ ඇසට පොලිස් නිලධාරියෙකු වෙඩි තැබීමෙන් ජනතා විරෝධය පෙන්වා තිබුණු බවද ඒ මහතා සඳහන් කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

