ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සහභාගි වීමේදී ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුකර ගෙන මියගිය මහනුවර ප්රදේශයේ 81 හැවිරිදි පුද්ගලයාට ගමන යෑමට අපහසුනම් නොයා සිටින ලෙසට තමන් පෞද්ගලිකව දැනුම්දුන් බවත්, ඔහු එම කරුණ නොසලකා මහින්ද මහත්තයාගේ මුහුණ බලා මැරුණත් කමක් නැතැයි පවසා මැයි රැලියට පැමිණි බවත් පාර්ලිමේන්තු මන්ත්රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
එම පුද්ලයාගේ සිරුර පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය පවත්වා බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කරන බවත්, ඔහුට ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාෂපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපකෂයේ සියලුම මන්ත්රීවරුන් සහභාගි වන බවත් හෙතෙම පවසා සිටියේය.