ඒකාබද්ධ පොදුජන පෙරමුණ වෙනුවෙන් අපේක්ෂකයන්ගේ නාමයෝජනා බාරදීමට ගම්පහ දිස්ත්රික් ලේකම් කාර්යාලයට පැමිණි ප්රසන්න රණතුංග, දුලිප් විජේසේකර, ඉන්දික අනුරුද්ධ යන මන්ත්රීවරුන්ට ඇතුළු වීමට අවසර ලබානොදීම හේතුවෙන් අද (14දා) පෙරවරුවේ එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
අනතුරුව එම මන්ත්රීවරුන් මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර තිබේ.
මේ සම්බන්ධව කළ විමසීමකදී ප්රසන්න රණතුංග මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපතිනී චන්ද්රිකා කුමාරතුංග මහත්මියට නාමයෝජනා බාරදීමේ අවස්ථාවට සහභාගි වීමට අවස්ථාව ලබාදුන් ආකාරයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන්ටද ඇතුළු වීමට අවස්ථාව ලබාදෙන දෙන ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියද ඊට ඉඩ නොලැබුණු බවයි.
මෙය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් බවද හෙතෙම පැවසීය.