ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පකෂ මන්ත්රීවරු පක්ෂයේ 65 වැනි සංවත්සරය නෙළුම් පොකුණේ පිහිටි මහින්ද රජපක්ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේදී සැමරීය.
ඔවුන් කේක් කපා සංවත්සරය සැමරීය. ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා, රෝහිත අබේගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ප්රසන්න රණතුංග යන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරු මේ අවස්ථාවට එක්වූහ.
ඒකාබද්ධ විපක්ෂයේ නිදහස් පක්ෂ මන්ත්රීවරුන් කුරුණෑගල පැවත්වෙන සංවත්සර උත්සවයට නොයෑමට තිරණයක් ගෙන ඇති අතර මහින්ද රාජපක්ෂ මහතාද මේ වන විට මැලේසියාවේ සංචාරයකට එක්ව සටියි.
ඡායාරූප Dinesh Owen ෆේස්බුක් ගිණුම ඇසුරෙනි



