ඒකාබද්ධ විපක්ෂයේ සිටිනා ශ්‍රීලංකා නිදහස් පක්ෂ තනතුරු දරන්නන්ගේ සියලුම තනතුරු ඉවත් කරන ලෙසට මධ්‍යම කාරක සභාවට ඉදිරි දිනවලදී යෝජනාවක් ගෙන එන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභික, තරුණ පෙරමුණ ජාතික සංවිධායක, රවි ක්‍රිෂාන්ත මහතා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ සිටිනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තනතුරු දරන්නන් තම වගකීම් කොටස නිසිලෙස ඉටුනොකරන නිසා මේ යෝජනාව ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බවද අද (30දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.