රටේ විවිධ ප්රදේශවල මේ වන වි ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ඒකාබද්ධ විපකෂය විසින් හෙට (07දා) නුගේගොඩදී සංවිධානය කර තිබූ ජන හමුව අවලංගු කිරීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්රි නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මීට ස්වල්ප වේලාවකට පෙර සිය ට්විටර් ගිණුමෙන් මේ බව ප්රකාශ කළේය.