ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක නිමල් ප්‍රේමවංශ හා මහජන එක්සත් පෙරමුණේ උපසභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි යන මහත්වරු අද (28දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩපිළිවෙළට සහාය පළකරමින් ජනාධිපතිවරයා හමුවිය.
ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හමුවූ ඔවුහු, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව පැවසූහ.
නිමල් ප්‍රේමවංශ මහතා ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සහ දේශපාලන මණ්ඩල සභික නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කළ අතර, සෝමවීර චන්ද්‍රසිරි මහතා මහජන එක්සත් පෙරමුණේ උපසභාපතිවරයා ලෙස කටයුතු කළේය.
(ඡායාරූප : සුදත් සිල්වා)