ඒකාබද්ධ විපක්ෂයේ සිටින දුර්වල මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මුදල් කුට්ටිවලට ආණ්ඩුවට එක්විය හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (14දා) පැවසීය.
බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අනෙකුත් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජාතික න්යායපත්රය දියත් කිරීමට කැප වී සිටින බවයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ආණ්ඩුවට එක්වන බවට ආරංචි පැතිර යන බවට මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ එම මන්ත්‍රීවරයා සමග තමන් ඊයේ රාත්‍රිය වනතුරු නාමයෝජනා සකස් කිරීමට සහභාගී වූ බවයි.